Tuesday, November 16, 2010

මලක සරදම..............

ගිම්හානය....
නුඹ් ඇවිත් අඳුරු අහසින්,
වස්සානය අඟවමින්.....
තලා දැමු ඒ...
හිනැහෙන්න තැත් දැරූ මල් කැකුළු,
රැවටුනත් නුඹේ චපල ඉඟියට......
යළිත් හිනැහෙන්න මග බලන් හිටියා........
වස්සානය ඉඟි මරන තුරු,
බලා සිටි අහස,
හෙමි හෙමින් මෝදු කරමින්.........
හිනැහෙන්න පොපියමින්,
පිබිදේවි මල් කැකුළු........
ඔච්චම් කරමින්
නුඹට
කුරිරු ගිම්හානය.........
(දරා ගත හැකිවේද මලක සරදම)

Monday, November 15, 2010

සෙනෙහස කෙතකි............

සෙනහස කෙතකි,
සරු අස්වනු පූදින්නට...
මවනා මුත් නෙලනු නොහැකි මායාවේ....
විරහව කෙම් බිමකි..
නෙතු කදුලෑල් වියලාලන,
රුදුරු දූලි හැමු බිහිසුනු කතරෙ....
වෙහෙසෙනා මුත්...........
වතක් නොමැතිව,
මවනු නොහැකිව,
සිහින සිරවී මා සිත් රූ ලොවෙ.........
රෑ අහස එලෙසමයි
කෙතට නැගෙනා.....
කෙම් බිමෙහි මැවෙනා.....
 තනි තරුවෙ ................
මං දක්වලනු මැන ඉදිරියේ..

සයුරු තෙර රාත්‍රිය.......

නිල් මිණින් පිරි අඳුරු අහසේ...........
තනිව හිදිනා වෙලාවේ.........
දම් මැදින් එන,
ස්වර්ණ ගෙත්තම්...
අකුරු අමුනා,
මවා සිත්තම්....
සැඳැවේ නැගු සදළු මන්දිර
මැකී යද්දී......
සිත් පෙලින්..
චණ්ඩ දියකඳ
ගෙනා සසැළුනු....
වැලි මතින් ,
නැගී එන රළ..
සයුර ඉම ඔබ කලඹමින්......
නිසල වෙත්දී,
සුලං කුලු නැති
අහස ඉඟිලන වලාලෙන්.........
දුරම අහසේ......
මරන හිරු ඉඟි රන් වනින් 
නැගී එද්දී.......
සොයා පිය මැන සැබෑ සුවඳක්................
ජීවිතෙන්

ආදර ලෝකය දෙලොවක් අතරේ............

මුදු කෙහෙ අතරේ උරමඩලේ.....
සුසුමන් අතරේ උවන හොවාගෙන ,
ලොවට රහසින් ගෙවූ කාලය......
වියැකීලා..............
දළදා සමිදුන්
දම් සුව විහිදූ.....
දිය තෙර අසබඩ
විල්තෙර අයිනේ........
නැගූ පාද හඬ
නැවතීලා ...............
බෝ මලුවේ වට,
සිහිලස අතරේ.....
ඉදිරි හෙට දිනේ පැතූ පැතුම් අද ,
බොඳ වීලා.............
සසැලුනු ලෝකය
සැකෙවින් අඟවා......
ආදර ලෝකය ,
දෙලොවක් අතරේ තනිවීලා...............

වීදියේ සප්ත ස්වර........
















පෙරලෙනා රිය සකෙහි නැගුනු මිනිසුනේ......
නුඹ ,
පිය නගන මේ මං පෙතේ....
තැබූ පියවර නොම නගා..
යොමනු මැන  සවන් මොහොතක්,
තුරුණු අතැඟිලි
පෙලන තත් පෙල
නගන ස්වරය
වෙව්ලනා හඬ..
නුඹට ඇසුනිද?
බිමට බරවූ වියලි නෙතු යුග,
අයැද සිටියේ නුඹෙන්
කාසි සිඟමන් නොවේමයි....
සප්ත ස්වරයේ ඉසිඹු දිවියේ..
වේතනේ හිමිකමයි ලබැඳියනි.................

සමුගන්න සිදුවීය ......මා හට,

සිව් මහ බැලුම්     නොබලා...
එක් දෙසක් පමණක්    බලා ...
අවුදින් ,
ලැගුම් සෙව්වෙමි
මම,
සුන්දර ගැබෙහි නුඹ....
ගියත් ඔබින්      ඔබ....
අද,
හිස් නොවෙවි
කිසිදා,
ම හොවන     ළැම.....
නැතත් එහි      මම....
 මම ,
අහිමි වූ මමත්වය
මහ බරකි          දිවියට.....
ඉඳුරන් එකතු වූ  හවුලට.....
හෙලා දැක්මට
බෑ මට,
මවුනි නුඹ....
එහෙත් ,
ඕවිලි නිසල වූ සඳ
කිරි කිරිය නොනගා.....
අරාජික වී යාවි
මුලු මිනිස් ලෝකයම.........