Sunday, March 27, 2011

පුළිඟු දල්වා..........

සුදු වතින් සැරහුනු
ඈත පෙර දිනේ සිට,
 දිනෙන් දින.........
 දිගු කලක් විහිදූ..
 මිතුරු දම් අද
පැන නැගේවී පුළිඟු දල්වා ........
පහන් කරමින්,
හමු නොවූවත් තවම ඔබ........
පුතුනි නුඹ,
පුතකු වූවත්.....
දුවක වූවත්.......
පිළිගනිමු අප,
ආදරය මුහුවූ....
ජීවිතය රැගෙනුව,
පඬු අබා කුමරුන්......
දිවි මගේ සදිසි නොව,
 මුර අටොළු රැකි පවුරු සදමින්,
 පිය නගන සැම මඟෙහි ..........
නුඹ නිසාවෙන්......
 ගෙතුනු කවි පද,
 සතුටු සිත් ඉම පුරා...................
 රැව්දේවි සැමදාම
 මුමුණාවි සැම දින
 ආදරය මුහු කොට.....
 මාමා වරුන් ලෙස................................................

Saturday, March 26, 2011

සුදු මල්ද ගිලිහුණි වරලස වැසුව......

නළලත රතු කැකුල පොබයන
වරල ගැවසූ මලින් මද සුවඳ පතුරන
සින නෙතු කැන් දසත විහිදන
ඇය සොඳුරු කැකුළකි,
රූබර පිච්ච...........
නැගුනි බසයට කිටි කිටියේ තෙරපෙන,
සැර පරුෂ උඩු රැවුල
උඩින් ඔබ මොබ දිවෙන රත් නෙත්,
කාම පවසින් පෙලුන.................
 නතර විය ඈ ලඟ
හෙමි හෙමින් ලං විය................
 ඈ වෙත,
දසන් සැඟවිනි දෙතොල'තර
සුදු මල්ද ගිලිහුණි වරලස වැසුව......
සැම සිටිති නුදුටුව නෙත්ව
සැබෑ මිනිසෙක්...
නැගීය හඬ,
"අන්නා වෙඩෙ කෙතයි නේද?"
දළ රැවුල කෙඳි අතර
ගැවසෙනා සැඩ සුලඟ
 නැගුවා හඬක්,
මේ ලෙස..........
"අඩෝ,පර දෙමළා"

Friday, March 18, 2011

දූගේ මඟුල් ගේ............

 ගමයි පන්සලයි
 වැවයි දාගැබයි
 කීවලු පෙරමග
 හෙළයාට..... ඒ කල,
 ටිකයි උවමනා...
 ලද පමණ සපුරා
ලද මිටෙන් වියැටක්
කෙලෙස හෝ සකසා තබා....
එහෙත් අද දිනේ,
 මහමග පුවරු ඔසවා...........
 මවයි ණය වී කා බී
ලොවට මවනා යුරු,
 ඇත්තෝ .............
ජාතික සංවර්ධනේ