Monday, January 31, 2011

සබඳ

සබඳ ,
නුඹ දොර වඩින සඳ
 සැඟවී මන්ද වත සඳ?
නුඹ දකින සිහිනෙද,
 පාපයක් වී.....
 අද 
එහෙත්,
 පසු නැගෙන නව සඳ
 සිඹ සොයා කිමිදේවි 
එහි සැබෑ සුවඳ පොද
 නුඹේ පන්හිඳ
 මොරනගන සඳ
 පෙලින් පෙල එක්වූ........
 අත්වැලින් නැගෙන හඬ 
නුඹ අසා සිටියෙද?
 නුඹ දකින සිහින සඳ
 අධම වූවද අද 
හෙට 
එකෙකු හෝ නොසොයාවිද 
එහි සැබෑ සුවඳ පොද

Wednesday, January 5, 2011

ඒ සොඳුරු මිනිසා...................

වැලි කැටය විමසයි..............
දියෙන් පිරි කළ යුගල
ඇකයෙහි රුවා................
මා පෙලූ ඒ දෙපය,
ටික දිනක සිට
එහෙ මේහේ නොයන්නෙ....
මන්දැයි කියා?
ගහ කොලය විමසයි................
උදා හිරු සමගින්
මා සමග හිනැහී........
මුල අගට පස් පුරා
දුක සැප කුමන්දැයි?
විමසූ......
ඒ දෑත කොහිදැයි කියා..............
වංගෙඩිය තනිවී ..................
ගේ කොනක,
සුසුම් හෙලමින් පසුවෙයි................
බොහෝ කල් සිට
සහය වූ
මා අමතකව මන්දැයි කියා?
දන්නේද නුඹලා....................
වචනයේ අරුතින් 
දැහැමින් සෙමෙන් කල්ගෙවූ......................
ඒ සොඳුරු මිනිසා...................
දෑත් පායුග අවසඟව
වැතිර ඇති බව සයනයක...................
එහෙත්,
සිත් සතන් පිරී එඩියෙන් 
සැරහී............
පිය බිරිඳ හා යලිත් එක් වන්නට,
ගම් බිම් බලා යන්නට .................................