Thursday, February 10, 2011

පරණ කවියක්.....

හිරු ගිලී යත සඳ නැගී එත,
අපේ ලොව ඇත එකළු වී....
මකා ගනඳුරු සුපිපි තරු ඇත 
අඳුරු කුටියේ දිළි දිළී.........
නිමා නොවනා අද දිනේ.....
කල්ගෙවන මේ ලෝ සිප් හල් බිමේ 
මිහිරි තනුවයි මේ වැයෙන්නේ...... 
සොඳුරු පදයයි මේ ගැයෙන්නේ......
පිපී වැනෙනා යෞවනේ......
වසා සැරසූ උනා කැටයම්
නොරිදවා අපි නොරිදවී අපි .....
කඳුළු පරදා සිනා නගමින් සොයා යන්නේ.......
සිනහවෙන් පිරි සෙමෙන් ඇදෙනා 
ජීවිතේ දිගු මාවතයි...........

අවසාන සොයුරියගේ සමුගැන්ම.......

පැමිණ ඔබ,
සොයුරු කැලතක් අගින්
ගැබ කුසත් පිසිමින්.......... 
අටලෝ දමින් 
දිරිය වෙර ගනිමින් ........
දස ඇඟිලි වන් 
දස දෙනෙකු නංවා තියා.......
දකිමින්, 
එකිනෙකා පෙළින් පෙළ
 නික්ම යනයුරු,
 ඔබේ නෙතගින්......
 ඉඳුකිලක් සේ 
නොසැලෙමින්.......
 නික්ම ගිය පසු 
අවසාන සොහොයුරුත්,
නෙතු නොගැටීම 
සමු අරන් .......
සිතුනාද?
අරුත කිම්දැයි කියා.....
 තවත් සරමින් 
මෙහිම.....

Saturday, February 5, 2011

අකුරු පැහැරගත් ජීවිතය

දස දෙස ඇවිදිමින් 
මිනිසුන් අතර වෙසෙමින්
 හොඳ නරක 
යස අයස 
දකිමින් .....
මුවගින් සිනා හෙලමින් 
සැම සම සිතින් දරමින් 
ඔහේ පාවගිය කාලයට ,
සමුදෙන්න සිදුවෙලා ..........
ආයෙමත් ටික කාලෙකට 
වදන් සවනත වැකුනත්, 
ඒ සප්ත ස්වර නොවේමයි.........
පන්හිඳ දසත දිව්වත් 
එලි දකින්නෙ සිහින මුතු නොවේමයි.... 
හිස් පිටු සියගනන් පිරුනත්
 පත් ඉරුව තවමත් එහෙමමයි.......
මේ මං තනන්නේ
 කාසි කොල සොයන්නට මිස ,
ජීවිතය තනන්නට නොවේමයි.......