එක් දෙසක් පමණක් බලා ...
අවුදින් ,
ලැගුම් සෙව්වෙමි
මම,

ගියත් ඔබින් ඔබ....
අද,
හිස් නොවෙවි
කිසිදා,
ම හොවන ළැම.....
නැතත් එහි මම....
මම ,
අහිමි වූ මමත්වය
මහ බරකි දිවියට.....
ඉඳුරන් එකතු වූ හවුලට.....
හෙලා දැක්මට
බෑ මට,
මවුනි නුඹ....
එහෙත් ,
ඕවිලි නිසල වූ සඳ
කිරි කිරිය නොනගා.....
අරාජික වී යාවි
මුලු මිනිස් ලෝකයම.........
No comments:
Post a Comment