Friday, October 21, 2011

සයනයද දිවා කල පියාණන් රියසක,

වීදෝ නුඹ හිසට
උඩු අහස නිල් වියන,
වීදෝ නුඹ පයට
පාවඩය………………
කලු වනින් වසා ගත්
ගෙන්දගම් දූලි විසිරුනු
මහපොළොව,
සයනයද දිවා කල
හස පෙඳ පුලුන් දැවටු
කඩදාසි ඇතිරිල්ල ඇතිරූ ……….
පියාණන් රියසක,
සරි කෙරුව බඩ වියත
බඩු මුට්ටු පිටි මුට්ට
මහ බරක් පටවගෙන
චිරි චිරිය හඬ නගන්
දෙබෑ කරමින් දිව්ව ,
මඩ පැහැති කිරි සයුර…………..
සිප් හළද මේ නුවර ,
සියොළඟ'හි විෂ සරන
ඔද තෙදැති රුපු සරන
අයනු ආයනු රාව නොනැගෙන
කිසිදාක නොපැමිණි ,
සාම අමර ලා සල් මල සොයා………………

Thursday, October 6, 2011

වෙඩි බිමේ වැටුනු කවියාගේ රුහිරු............



ගහ කොලට නිල් දියට
රළ හඬන පෙණ පිපෙණ වැලි තල වලට
පෙම් කෙරුව මිනිසා…………………
සම වැදී  ලොව තුලම දැහැනින්
පන්හිඳෙන් දිවි කඳුලු වැගිරූ මිතුරා.................
අපම අප වෙනුවෙන් ,
මියැදිලා වෙඩි බිමේ …………………
පණ ගැහෙන හදවතින්….


ගැහෙන ගැහෙනා හද පුරා……..
පිපුණු මල් නියඟලා
ගිලිහිලා පෙති වියැකිලා………………
මුල් අදී සිත තුල ,සොඳුරු සිත ඉරි තලා......

කටු ඇනෙන මල් පිපෙන රළු පොලොව
සිහිලස පිරුණු………….
පහස විඳි පා යුගත්,
වසාගෙන හම් කවර
නොදැනෙන්න හද ගැස්ම
මිහි මවුන් වැළපෙනා………………..

සමනොලුන් සියොතුන්
මුව ගෝන ඈ වනසතුන් ……………
සොයා ලුහු බැන්ද දෙනෙතක්,
වන පෙතේ.....
අවදියෙන් පිලිබඳව
වෙනම ඇදුමක සැගවුනු
එකම හඬකට ගැහෙන හදවත්…………………

නැගී හිඳියද පා මතින්
දැදුරු වී හද …………….
නික්මෙච්ච වෙඩි උණ්ඩයෙන්,
නුහුරු අතකට සියත රැඳි ගිනි දුන්නකින් ……………
ගලා බසිනා රුහිරු දළ රළ
ප්‍රකම්පනයෙන්,
රාව නංවයි ගීතිකා …..
සංතාපයේ පසුතැවිලි හඬකින………………………………..

Friday, September 30, 2011

සිහිලසේ උණුසුම

හිස් අහස,
හිරුත් නැති උණුහුමත් මියැදුනු .........
සඳුත් නැති සිහිලසත් වියැකුනු..............
වැසීගිය ඝන කලු වනින්
උරුම කොට සිටියා........
මහා මේඝය,
දසත දිව යන
රුදුරු මරු විදුලි එලි ඉරි.....
අවසන,
තුරු චිපට හඬවා
ගලා බසිනා කුණාටුව.....
හිස නවා පැරදී....
පසු බැස ගියා
නැගී ආ අබිමුව
මද පවන,
ඉරා දමනා තිමිර පට මේඝය
ඉඩ සහර පාදා...................
නැගෙන්නට,
සිහිලසේ උණුසුම.....................
දිවි මගේ,
සිත් අහස් නුබ කුසට.....

Wednesday, April 27, 2011

සල්පිල

සල්පිලකි.....
මිල කෙරුව කහවණින්,
නෙක වර්ණ ජීවිතය...........
යායුතුය මිල ගනුව ජීවිතය,
රැකගනුව දිවිපෙවෙත,
අද ගියොත් නුඹ
හෙටද යායුතුම වේ..........
පිසලමින් ඬා බින්දු,
නැගෙන තම වත වටා...................
එහෙත්,
එකෙකු ගියොහොතින් අද,
නුඹ පිණිස.................
හෙටත් යැවිය හැක තවෙකෙකු,
ඔබ කිරුළු සළු පැලඳහිඳ,
පා දූලි නොනගාම................
එනමුත්,
යන්නාද නුඹ පිණිස......
යා යුතුය ඔහු පිණිස.......................................

Sunday, March 27, 2011

පුළිඟු දල්වා..........

සුදු වතින් සැරහුනු
ඈත පෙර දිනේ සිට,
 දිනෙන් දින.........
 දිගු කලක් විහිදූ..
 මිතුරු දම් අද
පැන නැගේවී පුළිඟු දල්වා ........
පහන් කරමින්,
හමු නොවූවත් තවම ඔබ........
පුතුනි නුඹ,
පුතකු වූවත්.....
දුවක වූවත්.......
පිළිගනිමු අප,
ආදරය මුහුවූ....
ජීවිතය රැගෙනුව,
පඬු අබා කුමරුන්......
දිවි මගේ සදිසි නොව,
 මුර අටොළු රැකි පවුරු සදමින්,
 පිය නගන සැම මඟෙහි ..........
නුඹ නිසාවෙන්......
 ගෙතුනු කවි පද,
 සතුටු සිත් ඉම පුරා...................
 රැව්දේවි සැමදාම
 මුමුණාවි සැම දින
 ආදරය මුහු කොට.....
 මාමා වරුන් ලෙස................................................

Saturday, March 26, 2011

සුදු මල්ද ගිලිහුණි වරලස වැසුව......

නළලත රතු කැකුල පොබයන
වරල ගැවසූ මලින් මද සුවඳ පතුරන
සින නෙතු කැන් දසත විහිදන
ඇය සොඳුරු කැකුළකි,
රූබර පිච්ච...........
නැගුනි බසයට කිටි කිටියේ තෙරපෙන,
සැර පරුෂ උඩු රැවුල
උඩින් ඔබ මොබ දිවෙන රත් නෙත්,
කාම පවසින් පෙලුන.................
 නතර විය ඈ ලඟ
හෙමි හෙමින් ලං විය................
 ඈ වෙත,
දසන් සැඟවිනි දෙතොල'තර
සුදු මල්ද ගිලිහුණි වරලස වැසුව......
සැම සිටිති නුදුටුව නෙත්ව
සැබෑ මිනිසෙක්...
නැගීය හඬ,
"අන්නා වෙඩෙ කෙතයි නේද?"
දළ රැවුල කෙඳි අතර
ගැවසෙනා සැඩ සුලඟ
 නැගුවා හඬක්,
මේ ලෙස..........
"අඩෝ,පර දෙමළා"

Friday, March 18, 2011

දූගේ මඟුල් ගේ............

 ගමයි පන්සලයි
 වැවයි දාගැබයි
 කීවලු පෙරමග
 හෙළයාට..... ඒ කල,
 ටිකයි උවමනා...
 ලද පමණ සපුරා
ලද මිටෙන් වියැටක්
කෙලෙස හෝ සකසා තබා....
එහෙත් අද දිනේ,
 මහමග පුවරු ඔසවා...........
 මවයි ණය වී කා බී
ලොවට මවනා යුරු,
 ඇත්තෝ .............
ජාතික සංවර්ධනේ