Monday, November 15, 2010

සයුරු තෙර රාත්‍රිය.......

නිල් මිණින් පිරි අඳුරු අහසේ...........
තනිව හිදිනා වෙලාවේ.........
දම් මැදින් එන,
ස්වර්ණ ගෙත්තම්...
අකුරු අමුනා,
මවා සිත්තම්....
සැඳැවේ නැගු සදළු මන්දිර
මැකී යද්දී......
සිත් පෙලින්..
චණ්ඩ දියකඳ
ගෙනා සසැළුනු....
වැලි මතින් ,
නැගී එන රළ..
සයුර ඉම ඔබ කලඹමින්......
නිසල වෙත්දී,
සුලං කුලු නැති
අහස ඉඟිලන වලාලෙන්.........
දුරම අහසේ......
මරන හිරු ඉඟි රන් වනින් 
නැගී එද්දී.......
සොයා පිය මැන සැබෑ සුවඳක්................
ජීවිතෙන්

No comments:

Post a Comment