පෙරලෙනා රිය සකෙහි නැගුනු මිනිසුනේ......
නුඹ ,
පිය නගන මේ මං පෙතේ....
තැබූ පියවර නොම නගා..
යොමනු මැන සවන් මොහොතක්,
තුරුණු අතැඟිලි
පෙලන තත් පෙල
නගන ස්වරය
වෙව්ලනා හඬ..
නුඹට ඇසුනිද?
බිමට බරවූ වියලි නෙතු යුග,
අයැද සිටියේ නුඹෙන්
කාසි සිඟමන් නොවේමයි....
සප්ත ස්වරයේ ඉසිඹු දිවියේ..
වේතනේ හිමිකමයි ලබැඳියනි.................
No comments:
Post a Comment