ගිම්හානය....
නුඹ් ඇවිත් අඳුරු අහසින්,
වස්සානය අඟවමින්.....
තලා දැමු ඒ...
හිනැහෙන්න තැත් දැරූ මල් කැකුළු,
රැවටුනත් නුඹේ චපල ඉඟියට......
යළිත් හිනැහෙන්න මග බලන් හිටියා........
වස්සානය ඉඟි මරන තුරු,
බලා සිටි අහස,
හෙමි හෙමින් මෝදු කරමින්.........
හිනැහෙන්න පොපියමින්,
පිබිදේවි මල් කැකුළු........
ඔච්චම් කරමින්
නුඹට
කුරිරු ගිම්හානය.........
(දරා ගත හැකිවේද මලක සරදම)
Vry nice...
ReplyDeleteසුන්දරයි....!!දුක්බරයි!!
ReplyDelete