Saturday, December 25, 2010

මළවුන්ගේ අවුරුදු දා

හිරු ගිම් නිවන්නට
සයනය සොයත්දී.........
සඳ මෙහෙ අරඹමින්
අහසට නැගෙත්දී ............
සුදු වැලි කඳු මතින්
ඉටිපහන් තරු දිළෙන
සුසානයේ ...................
යැදුම් ගීතිකා රාවයන් ,
පාව යත්දී..
මද නලෙහි මුහු වී...............
දිවගියා නෙතු යුග,
ඔබ මොබ................
සෘජුව නැගෙනා
සෙල් මුවා කුරුසත්...
ඇදව අව පැහැව
දැව මුවා කුරුසත්....
එක පෙලෙහි සිටිනා
උස් පහත් නොතකා....................
සෙමෙන් දිවි ගෙවා 
නිසි කල්හි නිවි ගිය,
ජීවිත.................
නොකල්හි නිමාවූ 
රලු පරලු ජීවිත..................
මම දුටිමි නෙතු අඟින්.....
සැතපෙනායුරු එකම ගැඹුරින්................
දුහුවිල්ලෙන් සැදුනු,
දුහුවිල්ලට මුසු වන.........
ජීවිතය,
පවින් පුරවනු මන්ද ...........
මේ අප............


1 comment:

  1. නැටුවත්
    නෙක විද
    වන්නම්
    උරුමය එයයි
    අප කාටත්
    පැමිණි විටක
    හොරාව...

    අකමැති
    වුවත්
    යන්නට
    මම නම්
    ලක ලෑස්තියි
    දැන් වුවත්....

    ReplyDelete