Saturday, December 4, 2010

නිදන් පුතුනේ එනතුරා මා උණුසුමක් නැති සයනයෙහි තනිවී


 වෙහෙසකර දින සයේ අවසාන නිමාවේ....
වැතිර සිටියෙමි සයනයේ,
ගොරබිරම් හඬ විදුලි එළියෙන්
කඩා හැලෙනා අඳුරු නුබ කුස හා බැඳී..........
යදම් ලූයෙන් මගේ දෙපයට 
තිලෝ නැණ පත්..............
අලස සුවයෙන් ඔහේ වැතිරුනු,
මගේ සිරුරත පිපෙන හීගඩු...........
පෙලඹවූ ...............
වැහි බිංදු පොද කැවුනු මද පවන,
අවුලවන සඳ සිහිල් ගිනිදැල් 
මගේ කය තුල..........
සිතිනි මාහට සැතපවී හිඳිනට 
ආලයක................
දෙතුන් පැයකට................
කුමරියක් මි,
මෙහෙ පිනිස මහා පායට ආමි 
තාවුලු ඉහත්තේ කුඩා පැල හෙවීමි...........
කෙලි දෙලෙන් දිය කෙලෙන්,
එහෙ මෙහේ දිවුයෙන්...............
පියුම් තුඩු යුරු හසුත් වටොරත් ලදීමි............
සාමිපුත් අත පත් වූයෙන්,
මිග දෙනෙකු සේ සැලීමි...................
දින දවස ඇවැමෙන් මා ගැබක් වූයෙන්,
මහා පායෙන් පහර පා ලදීමි .....................
මපුතු වඩනට මග නොවූයෙන් ,
පැලදීමි වේලය ......ගැවසීමි මල් හිස.......
රාත්‍රිය වී..........
පැමිනි මේ රුව මගෙ කිලියට
අහා සොඳුරුයි............ බොහෝ කදිමයි.........
විඳිනු රා සුව පුරා තිස් පැය,
තෙපැයක් මෙය දරා හිඳිමී.......
දහසින් පියලි ගනීමි ......
හෙට පුතුට ඔසු නිසි පොවාමි.......
පිරුනු පුලුළුකුල හොවා මා හිස,
වත සෙමින් තවරා සුසිනිදු බඩවත........
හිඳිමි බෝකල් නුරාවේ ගැලිඇලී.........
පුලුළුකුල පුතුනි නුඹ හිමි,
හොවා නුඹ ගමි දෑසයනු පෙර...
බදුකුලී දුනිමි ඇසුරු සැනෙකට,
නොනැගී හිඳිනු මැන එන තුරා මා...........
නොපිපි පුයුම් වන් රණ හසුන්,
බෝම සුවඳයි රොන් උරනු වස් ................
මට හැඟේ සොයන වග 
මාකොපුල් අවදිවී නෙතු අයා.........
රාගයෙන් නොම දිලුනි පීන හස යුග මා ළැමෙහි,
කිරට හැරි රුහිරු බිඳු සෙනෙහසෙහි ඔකඳ වී ................
මපුතු කුස අහර වීමැයි සොයයි පුතු මුව නෙතු අයා .................
තබමි තොල් පෙති හස රසය සොය සොයා...........
අහා................
ඔහැ ඔහෑ හඬ නගා සෙවූ රස බොහෝ කල් පෙර,
දැනුනි මා මුව ......................
කමනු මැන නැගෙණිය 
මම එතෙමි සලු වටා...

1 comment:

  1. අනේ දම්පාට අකුරු කියවන්නම බෑ... සමාවෙන්න !

    මම
    විපුල සුමනසේකර

    ReplyDelete