Wednesday, January 5, 2011

ඒ සොඳුරු මිනිසා...................

වැලි කැටය විමසයි..............
දියෙන් පිරි කළ යුගල
ඇකයෙහි රුවා................
මා පෙලූ ඒ දෙපය,
ටික දිනක සිට
එහෙ මේහේ නොයන්නෙ....
මන්දැයි කියා?
ගහ කොලය විමසයි................
උදා හිරු සමගින්
මා සමග හිනැහී........
මුල අගට පස් පුරා
දුක සැප කුමන්දැයි?
විමසූ......
ඒ දෑත කොහිදැයි කියා..............
වංගෙඩිය තනිවී ..................
ගේ කොනක,
සුසුම් හෙලමින් පසුවෙයි................
බොහෝ කල් සිට
සහය වූ
මා අමතකව මන්දැයි කියා?
දන්නේද නුඹලා....................
වචනයේ අරුතින් 
දැහැමින් සෙමෙන් කල්ගෙවූ......................
ඒ සොඳුරු මිනිසා...................
දෑත් පායුග අවසඟව
වැතිර ඇති බව සයනයක...................
එහෙත්,
සිත් සතන් පිරී එඩියෙන් 
සැරහී............
පිය බිරිඳ හා යලිත් එක් වන්නට,
ගම් බිම් බලා යන්නට .................................

No comments:

Post a Comment