Saturday, February 5, 2011

අකුරු පැහැරගත් ජීවිතය

දස දෙස ඇවිදිමින් 
මිනිසුන් අතර වෙසෙමින්
 හොඳ නරක 
යස අයස 
දකිමින් .....
මුවගින් සිනා හෙලමින් 
සැම සම සිතින් දරමින් 
ඔහේ පාවගිය කාලයට ,
සමුදෙන්න සිදුවෙලා ..........
ආයෙමත් ටික කාලෙකට 
වදන් සවනත වැකුනත්, 
ඒ සප්ත ස්වර නොවේමයි.........
පන්හිඳ දසත දිව්වත් 
එලි දකින්නෙ සිහින මුතු නොවේමයි.... 
හිස් පිටු සියගනන් පිරුනත්
 පත් ඉරුව තවමත් එහෙමමයි.......
මේ මං තනන්නේ
 කාසි කොල සොයන්නට මිස ,
ජීවිතය තනන්නට නොවේමයි.......

3 comments:

  1. අකුරු
    නලියන්නේ
    කාසි
    කොල
    නුඹට
    දෙන්නයි...

    ReplyDelete
  2. වහලෙක් නොවී
    ජීවිතය
    ගොඩනැගුම
    අප අතේමයි

    ReplyDelete
  3. නොනිමෙන තරඟයේ
    කාසි කොල පසුපසේ
    නොනිමෙනා පවස සේ
    මිනිසුන් දිව යතේ...

    ReplyDelete