Thursday, February 10, 2011

පරණ කවියක්.....

හිරු ගිලී යත සඳ නැගී එත,
අපේ ලොව ඇත එකළු වී....
මකා ගනඳුරු සුපිපි තරු ඇත 
අඳුරු කුටියේ දිළි දිළී.........
නිමා නොවනා අද දිනේ.....
කල්ගෙවන මේ ලෝ සිප් හල් බිමේ 
මිහිරි තනුවයි මේ වැයෙන්නේ...... 
සොඳුරු පදයයි මේ ගැයෙන්නේ......
පිපී වැනෙනා යෞවනේ......
වසා සැරසූ උනා කැටයම්
නොරිදවා අපි නොරිදවී අපි .....
කඳුළු පරදා සිනා නගමින් සොයා යන්නේ.......
සිනහවෙන් පිරි සෙමෙන් ඇදෙනා 
ජීවිතේ දිගු මාවතයි...........

3 comments:

  1. මේක ටිකක් පරණ කවියක්.....මේ ලඟදි තමයි හම්බුනේ..පෝස්ට් නොකර ඉන්නත් හිතලා එදා සහ අද අතර වෙනසක් දැකපු නිසා ආයමත් පොස්ට් කලා....ජීවිතේ හැමදේම වෙනස් වෙනවා තමයි...ඒත්??????????

    ReplyDelete
  2. ජීවිතේ වෙනස් වෙන්ඩ ඔව්නේ අනිවාර්යයෙන් එත් මතකයන් හැමදාම පරණයි....
    මට මතකයි මේක උඹ මට දුන්නා...
    මේක මගෙ සිස්ටම් එකෙ තාම තියනවා...
    ඒත් මම තාම අසරණයි...

    ReplyDelete
  3. අත්තටම මචං මේක මම් දැම්මෙ එහෙම දේකට නෙවේ....මේකෙන් මට ඔන උනෙ තවත් සමහරෙක්ගෙ මතකයන්ට කතා කරන්න.වැඩක් නැතිවෙන්න පුලුවන්...ඒත් මට හිතුනා....අනික මේකෙ අතීතයයි අද වර්තමානයයි දකිනකොට අපිට පුළුවන් අනාගතය දැන්මම දකින්න....

    ReplyDelete